'පිං දෙනවා බාර් ඇරියට' - කොරෝනා නිසා වහලා දාපු බාර් ඇරියම සූර් වෙන්න පෝලිම් ගැහිච්ච අපේ මිනිස්සුන්ගේ සතුට
Thursday, 14 May 2020 - 8:23 | Views - 912
කොළඹ - ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල මත්පැන් අලෙවිසැල් සීමාවන්ට යටත්ව විවෘත කිරීමට අද තීරණය කිරීමත් සමග බොහෝ මත්පැන් අලෙවිසැල් අසල විශාල පෝලිම් දක්නට ලැබුණු බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.
 
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට පුරා පැනවූ ඇඳිරි නීතියත් සමග සියලූම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබුවා.
 
ඉන් අනතුරුවයි,ඊයේ දිනයේදී ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල මෙලෙස සුරාසැල් විවෘත කර තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබුණේ.

එසේම ඇදිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලපත්‍රලාභී සුපිිරි වෙළඳසැල් ආශ්‍රිතව මත්පැන් අලෙවි කිරීමට අවසර හිමිවූ අතර, ඒ අනුව එම ස්ථානවල ද විශාල පිරිසක් රැදී සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
 
මේ අතර, ඇතැම් මත්පැන් අලෙවිසැල් අසල සමාජ දුරස්ථභාවය ආදී සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය යොදවා තිබුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top