කොරෝනා මිහිපිටින් තුරන් නොවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
Thursday, 14 May 2020 - 8:07 | Views - 1,620
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ඇතැම් විට ලෝකයෙන් තුරන් කිරීමට නොහැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ මයික් රයන් පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ සරම්ප වැනි රෝග පවතින ආකාරයෙන් එන්නතක් සොයාගත්තද කොරෝනා වෛරසය ලොව කුමන හෝ තැනක පවතිනු ඇති බවටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ග්‍රෙබියේසස් ද එම මාධ්‍ය හමුවේදී පවසා ඇත්තේ කොරෝනා වෛරසය මුළුමනින්ම ලෝකයෙන් තුරන් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇති බවයි.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 44 ලක්ෂ 25,532 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව සටහන් වන්නේ දෙලක්ෂ 97,760 ලෙසයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 14 ලක්ෂ 30243 ක් ඇමරිකාවෙන් වාර්තාවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top