CID නිලධාරීන් කණ්ඩායමක් හිටපු මන්ත්රී රාජිතගේ බත්තරමුල්ලේ නිවසට
Wednesday, 13 May 2020 - 16:49 | Views - 1,485
අධිකරණ නියෝගය අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ බත්තරමුල්ල නිවසට ගොස් තිබෙනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී පොලීසිය මේ බව තහවුරු කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා.
ඒ, ඔහු ඇප මත මුදා හරිමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මීට පෙර ලබා දුන් නියෝගය අවලංගු කිරීමට, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කිරීමෙන් පසුවයි.
Share This Article