ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය තවදුරටත් අත්හිටුවයි - අත්‍යවශ්‍ය පුද්ගලයන්ට හැඳුනුම්පත් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක්
Wednesday, 13 May 2020 - 16:19 | Views - 736
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් අත්හිටුවීමට තීරණය කර ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මස 16 වනදා සිට හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

මෙතෙක් එම තත්වය සම්පූර්ණයෙන් අවසන් නොවීම හේතුවෙන් ජනතාව විශාල වශයෙන් එක්රැස් වන එක්දින සේවාව තවදුරටත් අත්හිටුවීමටයි තීරණය වී ඇත්තේ.

කෙසේවෙතත් විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, රියදුරු බලපත් ලබාගැනීම, විදෙස් ගමන් බලපත් ලබාගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුතු හේතුවෙන් ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේවන විටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව එම ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාව ග්‍රාම නිලධාරීවරුන් මගින් තහවුරු කර ඔවුන්ගේ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු කළ යුතුයි.

එලෙස යොමු කෙරෙන ඉල්ලුම්පත් එම කාර්යාලයේ නිලධාරීන් විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට ඇතුලත් කරනු ලබන අතර ඊට අදාළ හැඳූනුම්පත් කඩිනමින් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් අදාළ ඉල්ලුම්කරුවන් වෙත යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම මාර්තු මස 16 වනදාට පෙර එක්දින සේවය යටතේ හැඳුනුම්පත ලබාගැනීම සඳහා ඉල්ලුම් පත් සූදානම් කරගත් සියලුම ඉල්ලුම්කරුවන් ද තම ඉල්ලුම්පත් තවදුරටත් තමා භාරයේ තබාගෙන නොසිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශයට අදාළ අයදුම්පත යොමු කළ යුතු බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව සාමාන්‍ය සේවය යටතේ යොමු කරන අයදුම්පත් ග්‍රාම නිලධාරී මගින් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ හැකි අතර ඊට අදාළ ජාතික හැඳුනුම්පත් ද අවම කාලයක් තුළ කඩිනමින් නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ සෑම වසරකදී මෙන්ම මෙම වසරේ ද මාර්තු 31ට පෙර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉල්ලුම්පත් යොමු කරන ලෙසට දැනුම්දී තිබුන ද මෙතෙක් එම ඉල්ලුම්පත් යොමු කර නොමැති පාසල් එම අයදුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, පළාත් කාර්යාලයට යෝ ප්‍රධාන කාර්යාලයට කඩිනමින් යොමු කළ යුතු බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top