සංචාරක ආයතන සහ පුද්ගලයන්ට වසරක ගාස්තු නිදහසක්
Wednesday, 13 May 2020 - 16:04 | Views - 709
සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයින්ගේ ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි සංචාරක සංවර්ධන අධිකාරිය විසින්.

ඒ අනුව දැනටමත් අදාළ ගාස්තුව ගෙවා ඇති පුද්ගලයින් සහ ආයතන ලබන වසරේදී එම ගාස්තුවෙන් නිදහස් කෙරෙන අතර, මේ වසර සඳහා තවමත් ලියාපදිංචිය අලූත් කර නොමැති පුද්ගලයින් හා ආයතනවලට ගාස්තු ගෙවීමකින් තොරව ලියාපදිංචිය අලූත්කර ගැනීමට හැකියාව පවතිනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ කෙටි කාලීන වැඩපිළිවෙලේ පියවරක් ලෙස මෙම තීරණයට එළඹි බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top