සංචාරක ආයතන සහ පුද්ගලයන්ට වසරක ගාස්තු නිදහසක්
Wednesday, 13 May 2020 - 16:04 | Views - 710
සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයින්ගේ ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි සංචාරක සංවර්ධන අධිකාරිය විසින්.
ඒ අනුව දැනටමත් අදාළ ගාස්තුව ගෙවා ඇති පුද්ගලයින් සහ ආයතන ලබන වසරේදී එම ගාස්තුවෙන් නිදහස් කෙරෙන අතර, මේ වසර සඳහා තවමත් ලියාපදිංචිය අලූත් කර නොමැති පුද්ගලයින් හා ආයතනවලට ගාස්තු ගෙවීමකින් තොරව ලියාපදිංචිය අලූත්කර ගැනීමට හැකියාව පවතිනවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ කෙටි කාලීන වැඩපිළිවෙලේ පියවරක් ලෙස මෙම තීරණයට එළඹි බවයි.
Share This Article