කොළඹ සිරවී සිට නුවරඑළියට යන පුද්ගලයින් විශේෂ ස්ථානයක රඳවා නිරෝධායනයට
Wednesday, 13 May 2020 - 14:29 | Views - 960
ඇදිරි නීතිය හේතුවෙන් ගම්බිම් වෙත යෑමට නොහැකිව කොළඹ නගරයේ සිරව සිට නුවරඑළිය දිස්ත්‍රික්කය බලා යන පිරිස් විශේෂ ස්ථානයක රදවා නිරෝධායනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර, නිරෝධායන කටයුතු සදහා යොදා ගත හැකි ස්ථාන දැනටමත් හදුනාගෙන ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ.
Share This Article