ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක්
Wednesday, 13 May 2020 - 14:02 | Views - 535
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.
ඒ, දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන්.
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලටත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටත්, සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම දකුණ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලටත්, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Share This Article