ඇමරිකාවේ මරණ ගැන නව තක්සේරුවක්
Wednesday, 13 May 2020 - 13:26 | Views - 311

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇමරිකාවේ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව රජයේ වාර්තාවලට වඩා වැඩි අගයක් ගනු ඇති බව එරට වසංගත රෝග අංශ ප්‍රධානී ආචාර්ය ඇන්තනී ෆෝච් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එරට පනවා ඇති සීමාවන් කඩිනමින් ලිහිල් කළහොත් වෛරසය යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි.
කුඩා ආසාදිත පොකුරු හරහා කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමේ අවදානම තවදුරටත් පවතින බවද ඇන්තනී ෆෝච් ප්‍රකාශ කළා.
ලොව වැඩිම කොවිඞ් මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14 ලක්ෂ 8,636 ක් ලෙස දැක්වෙන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 83,425 ක්.
එමෙන්ම මේ වනවිට කොරෝනා මරණ 1,000 ඉක්මවූ ඉන්දුනීසියාවද රට පුරා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට අවධානය යොමුකර තිබෙනවා.
කෙසේ වෙතත් එරට සෞඛ්‍ය අංශ අවධාරණය කළේ සීමාවන් ලිහිල් කිරීම මගින් වෛරසය පැතිරයාම තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.
මේ වනවිට එරට කොරෝනා ආසාදිතයන් 14,749 ක් වාර්තාවන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 1007 ක්.
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු ප්‍රංශයේ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ පාසල් ඊයේ සිට විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත්, එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ රට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තියේ දෙවන රැල්ලක් ඇති විය හැකි බවටයි.
එහෙත් ආණ්ඩුව ප්‍රකාශ කර ඇත්තේ පාසල් විවෘත කිරීම අත්‍යවශ්‍ය බවයි. මේ වනවිට ප්‍රංශයේ වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ගණන 26,991 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට සමස්ත අසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 78,225 ක්.
කොරෝනා ව්‍යාප්තිය සමඟ වසා දැමුණු ඉන්දියාව තවදුරටත් එම කාලය දීර්ඝ කරන්නේ ද නැද්ද යන තීරණය ලබන 17 වනදායින් පසු ප්‍රකාශ කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ ජාතිය අමතමින් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ සිය රට මුහුණදී ඇති ආර්ථික තත්ත්වය යළි නගා සිටුවීම සඳහා ඉන්දීය රුපියල් ටි‍්‍රලියන විස්සක ආර්ථික පැකේජයක්ද හදුන්වා දෙන බවයි.
මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් 43 ලක්ෂ 42,540 ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව දෙලක්ෂ 92,893 ක්. ආසාදිතයන්ගෙන් 16 ලක්ෂ 2,476 ක් සුවය ලබා තිබෙනවා.
Share This Article