කොටුවේ විවෘත කළ අනවශ්‍ය වෙළඳසැල් ගැන සොයයි
Wednesday, 13 May 2020 - 13:10 | Views - 1,190

දින 13 ක් තුළ කොළඹ නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නොමැති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි පවසනවා.
අවසන් කොරෝනා ආසාදිතයා වාර්තාවී ඇත්තේ පසුගිය මැයි 1 වනදා වන අතර, කොළඹ නගරයෙන් පමණක් මේ වනවිට වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 127 ක්.
මේ අතර කොළඹ - කොටුව ඇතුලූ ඒ අවට ප්‍රදේශවල ආපනශාලා ඇතුළු අවශ්‍යතාවයක් නොමැති වෙළඳසැල් විවෘත කර පවතින බවට වාර්තා පළ වනවා.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි සඳහන් කියා සිටියේ.
එමෙන්ම කොළඹ නගර සීමාවට අයත් කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සෙම පටල සහ රුධිර සාම්පල නියැදි වශයෙන් ලබාගැනීම අද දිනයේත් සිදුවනවා.
රට තුළ කොරෝනා වෙරසය පැතිරයාම පාලනය වුවද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම මෙන්ම හඳුනාගනු ලබන ආසාදිතයන් වෙනුවෙන් රෝහල් ඒකක පවත්වාගෙන යාම තවදුරටත් සිදුවනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති නිර්දේශ නිසි පරිදි අනුගමනය කරන්නේ නම් හඳුනා නොගත් ආසාදිතයෙකු සමාජයේ ගැවසුණද ඉන් ආරක්ෂාවීමට හැකියාව පවතින බවයි.
මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් ඇඟළුම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල සඳහන් කළා. ඒ, හිරු ටී වී ඔස්සේ විකාශය වූ රට සහ හෙට වැඩසටහනට එක්වෙමින්.
Share This Article