බෙලිඅත්ත දුම්රියපළ උණුසුම් වෙයි -ප්‍රදේශ රැසක ජනතාව අදත් මහමඟ
Wednesday, 13 May 2020 - 12:50 | Views - 2,013
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හැර අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මේ වනවිට ජනජීවිතය යථා තත්ත්වයට පත් වෙමින් පැවතියද  සිය දෛනික වැඩකටයුතු පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් පරිදි පොදු ප්‍රවාහන සේවා නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

ප්‍රදේශ රැසක හිරු වාර්තාකරුවන් සඳහන් කළේ අද දිනයේදීත් නගර රැසක ජනතාව ප්‍රමාණවත් තරම් බස් රථ නොමැතිවීම හේතුවෙන් සිය සේවා කටයුතු සඳහා යාමට නොහැකිව අපහසුතාවට පත්ව ඇති බවයි.

දැනට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල අද සිට ලංගම සහ පෞද්ගලික බස් රථවල මෙන්ම දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම සදහා අවසර ලබා දුන්නා.

එහිදී ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා සදහා වැඩබිම්වලට වාර්තා කරන පිරිස්වලට බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ.

කෙසේ වෙතත් රජය විසින් මෙලෙස අවසර ලබාදීමත් සමඟ වැඩි පිරිසක් අද නගර වෙත සහ දුම්රිය ස්ථාන වෙත පැමිණ සිටියේ සේවා ස්ථාන කරා සහ සිය දෛනික කටයුතු ඉටුකරගැනීමට ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ අරමුණින්.

ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනය කිරීම සිදුකළද තවත් ප්‍රදේශ රැසකින් තොරතුරු වාර්තාවූයේ පෞද්ගලික බස් රථ ධාවනය සඳහා අවසර ලබාදී නොමැති බවටයි.

අද දිනයේදීත් ප්‍රමාණවත් තරම් ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දිවයින පුරා ධාවනය සඳහා එක් කර තිබූ බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම සේවා කටයුතු සඳහා අදාළ වන අන්දමින් කාර්යාල දුම්රිය සේවාද ප්‍රමාණවත් පරිදි යෙදවීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවද ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දුම්රියේ ගමන් කිරීම සඳහා එක් එක් ආයතන විසින් නම් කර තිබූ සේවක පිරිස් සඳහා අවසරය ලබාදීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.

එහෙත් අද අලූයම බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් හටගත්තේ අවසර ලබාදී තිබූ පිරිසට වඩා වැඩි පිරිසක් දුම්රිය ස්ථානයට පැමිණ උදෑසන 5.10 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කිරීමට තිබූ සාගරිකා දුම්රියේ ගමන් කිරීමට උත්සහ කිරීමත් සමඟයි.

එහිදී බලධාරීන් සහ මගී ජනතාව අතර උණුසුම් තත්ත්වයක්ද හටගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පැල්මඩුල්ල ප්‍රදේශයේදී විදුලි මනු කියවන්නෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයාට දැනුම් දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම පහරදීම තරයේ හෙළා දකින බවයි ඔහු සඳහන් කර ඇත්තේ. රාජ්‍ය සේවකයෙකුට සිය රාජකාරි අවස්ථාවේ පහරදීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බැවින් ක්‍ෂේත්‍රය තුළ කටයුතු කරන සියලූ නිකුත් කළ රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සැළසීම රජයේ වගකීමක් බවද එම අමාත්‍යාංශය නිවේදනයේ සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top