මහාචාර්ය සේන එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
Wednesday, 13 May 2020 - 12:40 | Views - 558
ධීවර සහ ජලජ ජීවී වගාව පිළිබඳව හසල දැනුමක් ඇති ජාත්‍යන්තර වශයෙන් ඉතා ඉහළ පිළිගැනීමක් ලැබී තිබූ විශිෂ්ඨ ගණයේ ශ්‍රී ලාංකේය විද්‍යාඥයෙකු වූ මහාචාර්ය සේන එස් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේදී මියයනවිට ඔහු 73 හැවිරිදි වියේ පසුවූවා.
හෙට දින මෙල්බර්න් නගරයේදී ඔහුගේ මෘත දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
රුහුණු සරසවියේ විද්‍යාපීඨයෙන් සත්ත්ව විද්‍යාව පිළිබඳව ආරම්භක මහාචාර්යවරයා වූ ඔහු එම තනතුරට පත් වූයේ 32 හැවිරිදි වියේදී වීම විශේෂත්වයක්.
Share This Article