ඇඳිරි නීතිය කඩ කරන අය ගැන පොලිසිය සීරුවෙන්
Wednesday, 13 May 2020 - 12:36 | Views - 585

ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට ඉඩ ලබාදී ඇති ආයතනික හැඳුනුම්පත සහ අවසර ලිපි අවභාවිත කරන්නන් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ.
අද උදෑසන හයෙන් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 669 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 325 ක්.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලසීමාව තුළ එය උල්ලංඝනය කළ 52,712 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 13,869 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් 5,212 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ගම් බිම් බලා යාමට නොහැකිව ගම්පහ පොලිස් කොට්ඨාසයේ රැඳී සිටි පුද්ගලයින් 2,000 කට ආසන්න පිරිසක් පිටත් කර හැරීම අද සිදු කෙරුණා.
ඒ ගම්පහ නගර සභා ක්රීඩාංගණයේදියි. ඔවුන් විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් සිය ගම්බිම් වෙත පිටත් කර හරිනු ලැබුවා.
Share This Article