සීමාවන්වලට යටත්ව හැටන් නගරයේ සුරාසැල් විවෘත වෙයි
Wednesday, 13 May 2020 - 12:02 | Views - 1,410
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් වසා දමා තිබූ රට බිම මත්පැන් අලෙවි සැල් පමණක් (13) දින විවෘත කිරිමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබා දී තිබෙනවා.
හැටන් නගරයේ රටබිම මත්පැන් අලෙවිසැල් පමණක් විවෘත කිරිමත් සමග මත්පැන් මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණිමත් සමග එම පිරිස පාලනය කිරිමට හැටන් පොලිසියට මැදිහත්විමට ද සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
රට බිම මැත්පැන් අලෙවිසැලක් තුලට පාරිභෝගිකයන් කිහිපදෙනෙකු පමණක් රැගෙන මත්පැන් අලෙවි කිරිමටත්, එම මත්පැන් අලෙවිසැල් විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කර ඇති බවත් අප වාර්තාකරු ප්රකාශ කළා.
Share This Article