ලොවම කළඹමින් COVID-19 ආසාදිත දරුවන්ට දරුණු සංකූලතා අවදානමක්
Wednesday, 13 May 2020 - 11:46 | Views - 888

මේ වන විට ලොව පුරා ආධිපත්‍යය පතුරවමින් සිටින කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී ඇති දරුවන්, කලින් විශ්වාස කළ ප්‍රමාණයට වඩා දරුණු සංකූලතා සහ මරණයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
කොරෝනා දැඩි බලපෑමක් එල්ල කර ඇති ඇමරිකා එක්සත් ජනපදයේ රෝහල්ගත කර ඇති දරුවන්ගෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බවත්, සියයට 40කට ආසන්න පිරිසක් වාත්රාශය නොමැතිකමින් පීඩි විඳින බවත් මෙම අධ්‍යයනයෙන් හෙළිදරව් වී ඇති බව පර්යේෂකයින් සඳහන් කළා.
කෙසේ වෙතත් මරණ අනුපාතය සියයකට පහකට අඩුවන අතර එය දැඩිසත්කාරයේ ප්‍රතිකාර ලබන වැඩිහිටියන්ගේ අනුපාතයට වඩා බෙහෙවින් අඩු බවයි, නිව් ජර්සි හි රට්ගර්ස් විශ්ව විද්‍යාලය පවසන්නේ.
මේ අනුව, "කොවිඩ්-19 යනු ළමයින්ට බල නොපාන වෛරසයක්", යන මතය සැබෑවක් නොවන බවයි, රට්ජර්ස් රොබට් වුඩ් ජොන්සන් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයකු වන, වෛද්‍ය ලෝරන්ස් ක්ලයින්මන් ඩේලිමේල් වෙබ් අඩවියට වෙත සඳහන් කළේ.
"අපි කලින් හිතාගෙන හිටියේ කොවිඩ්-19 දරුවන්ට ගැටලුවක් නොවේවී කියලයි, ඒත් දැන් එය එහෙම නොවන බව පැහැදිලියි.."
JAMA Pediatrics විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය සඳහා, අලුත උපන් දරුවන්ගේ සිට අවුරුදු 21 දක්වා ළමුන් හා තරුණයින් 48 දෙනෙකු පර්යේෂණයට භාජනය කර ඇති බව සඳහන්. මාර්තු 14 වැනි දින සිට අප්‍රේල් 3 දක්වා කාලය තුළ, එක්සත් ජනපදයේ රෝහල් 14ක ළමා දැඩිසත්කාර ඒකකවලට ද පිරිසක් ඇතුළත් කර තිබූ අතර එයින් 83 කට තරබාරුකම හා දියවැඩියාව වැනි තත්ත්වයන් පවතින බවයි ඩේලිමේල් සඳහන් කරන්නේ.
Dailymail ඇසුරිනි.
Share This Article