සාදයකට පෙම්වතියගේ නිවසට ගිය, දඹුල්ලේ ජගත් වික්‍රමසිංහට අත්වූ අවාසනාවන්ත ඉරණම
Wednesday, 13 May 2020 - 10:42 | Views - 682
දඹුල්ල,වෑවල,වැව් ඉහලයාය ප්‍රදේශයේ පැවති උපන් දින සාදයකින් පසු සැකකටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු දඹුල්ල පොලිසිය මගින් 10 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි පිහිල්ලේ ගෙදර ජගත් වික්‍රමසිංහ යන අයයි.

මියගිය පුද්ගලයා ගේ පෙම්වතියගේ නිවසේ මෙම සාදය 09 දින රාත්‍රියේ පවත්වා ඇති අතර සාදය අතරතුර කිසියම් ගැටුම්කාරී තත්වයක් පැවති ආකාරයක් දක්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
 
සාදයෙන් පසු මියගිය පුද්ගලයා එම ස්ථානයෙන් පිටත්ව ගිය බව නිවැසියන් ප්‍රකාශ කර ඇතත් උදෑසන එම නිවසේ මිදුලේ තිබී මියගිය පුදගලයාගේ මළ සිරුර හමුවී තිබෙන අතර පසුව නිවෙස හිමියන් මේ පිලිබඳ පොලිසියට දනුම් දී තිබෙනවා.
 
නිවෙස් හිමියා හා මත්පැන් සාදයට සහභාගිවූ තවත් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
 
දඹුල්ල සරත් එරමිනිගම්මන
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top