සාදයකට පෙම්වතියගේ නිවසට ගිය, දඹුල්ලේ ජගත් වික්රමසිංහට අත්වූ අවාසනාවන්ත ඉරණම
Wednesday, 13 May 2020 - 10:42 | Views - 683
දඹුල්ල,වෑවල,වැව් ඉහලයාය ප්රදේශයේ පැවති උපන් දින සාදයකින් පසු සැකකටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු දඹුල්ල පොලිසිය මගින් 10 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 31 හැවිරිදි පිහිල්ලේ ගෙදර ජගත් වික්රමසිංහ යන අයයි.
මියගිය පුද්ගලයා ගේ පෙම්වතියගේ නිවසේ මෙම සාදය 09 දින රාත්රියේ පවත්වා ඇති අතර සාදය අතරතුර කිසියම් ගැටුම්කාරී තත්වයක් පැවති ආකාරයක් දක්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සාදයෙන් පසු මියගිය පුද්ගලයා එම ස්ථානයෙන් පිටත්ව ගිය බව නිවැසියන් ප්රකාශ කර ඇතත් උදෑසන එම නිවසේ මිදුලේ තිබී මියගිය පුදගලයාගේ මළ සිරුර හමුවී තිබෙන අතර පසුව නිවෙස හිමියන් මේ පිලිබඳ පොලිසියට දනුම් දී තිබෙනවා.
නිවෙස් හිමියා හා මත්පැන් සාදයට සහභාගිවූ තවත් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
දඹුල්ල සරත් එරමිනිගම්මන
දිවයින
Share This Article