ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන්නේ දැයි සොයන්න කොළඹ විශේෂ මෙහෙයුමක්
Wednesday, 13 May 2020 - 9:24 | Views - 542
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාව රජය ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා පොලිස් ජංගම රථ 20ක්, පොලිස් යතුරුපැදි 100ක් සහ පොලිස් නිලධාරීන් 300ක පිරිසක් යොදවා ඇති බව සඳහන්.
ඊට අමතරව දිවයින පුරාත් මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.
Share This Article