අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Wednesday, 13 May 2020 - 9:05 | Views - 858
අනුරාධපුර, නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 9 සිට පසුගිය රාත්‍රී 9 දක්වා පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අනුරාධපුර නගරය, පළමු, දෙවන සහ තුන් වන පියවර, යාපනය හන්දිය, කුරුන්දන්කුලම, සාලියපුර, රඹෑව, ගල්කුලම සහ මිහින්තලය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
Share This Article