කොරියානු රැකියා යළිත්
Wednesday, 13 May 2020 - 8:42 | Views - 796
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ කොරියා රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යළි ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ සාකච්ඡාවක් විදේශ සබඳතා, රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ ශ්‍රමිකයන් කොරියාවේ රැකියා සඳහා පිටත්වීමේදී දින 14 ක ස්වයං නිරෝධායනයට ලක් කිරීම සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බවයි.
Share This Article