ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 3ට ආසන්න වෙයි
Wednesday, 13 May 2020 - 8:01 | Views - 564
ලොව ආසාදිතයන් වාර්තාවීම අතින් රුසියාව මේ වනවිට දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව ගතවූ පැය විසි හතර තුළ ආසාදිතයින් 10,899 ක් සමඟ එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 32,243ක්. ගතවූ පැය 24 තුළ නව මරණ සංඛ්‍යාව 107 ක් සමග එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 2,116ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දහ හතර ලක්ෂ 8,155 ක වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවන ඇමරිකා එක්සත් ජනපදයේ ඊයේ දිනයේ පමණක් මරණ 1582ක් වාර්තාවුණා.

ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව වන මරියා බ්‍රනෙස් කොරෝනා රෝගය ආසාදනය වී සුවය ලබා තිබෙනවා. 113 හැවිරිදි වියේ පසුවන ඇය පසුගිය මාර්තු මාසයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ස්වයං නිරෝධායනයේ දින ගණනාවක් සිටීමෙන් අනතුරුව සුවය ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ගතවූ පැය 24 තුළ ආසාදිතයන් 3,524 ක් වාර්තාවූ ඉන්දියාවේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව  74,292 ක් වන අතර, එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුපියල් බිලියන 260 කට අධික ආර්ථික පැකේජයක් හඳුන්වාදී තිබෙනවා.

ඊයේ එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට 10 ක් පමණ වන මෙම අරමුදලෙන් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ගොවීන්ට සහනයක් ලබාදෙන බවටයි. කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව පසුගිය මාර්තු 25 වනදා වසා දැමුනු අතර අවස්ථා කිහිපයකදී එහි සීමාවන් ප්‍රාන්ත කිහිපයකට ලිහිල් කෙරුණා.

ජාතිය අමතමින් අග්‍රාමාතවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි දින කිහිපයේදී වසා දැමුණු රට යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවයි.

මේ වනවිට එරට මරණ සංඛ්‍යාව 2,415 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 43 ලක්ෂ 37,000 ඉක්වා ඇති අතර, මිය ගිය සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්නයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top