කොළඹ, ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල, දුම්රිය සහ බස් රථවල ආසන ගණනට මගීන් ගැනීම අද සිට
Wednesday, 13 May 2020 - 7:33 | Views - 600
දැනට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල අද සිට ලංගම සහ පෞද්ගලික බස් රථවල මෙන්ම දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම සදහා අවසර ලබා දී තිබෙනවා.

එහිදී ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා සදහා වැඩබිම්වලට වාර්තා කරන පිරිස්වලට බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ.

ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සමග එම අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති අතර, ඒ සදහා  ප්‍රවාහන බලධාරින්, අමාත්‍යාංශ නිලධාරින් මෙන්ම මගී ප්‍රවාහන සේවාවල නිරත සංගම්වල නියෝජිතයින් ද එක්වුණා.

අනවශ්‍ය ගමන් බිමන් සදහා ප්‍රවාහන සේවා යොදා ගැනීමට කටයුතු නොකරන ලෙස ද අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළ අතර, බස් රථවල ගමන් කිරීමේදී මුව ආවරණ පැළද සිටීම අනිවාර්ය වන බවයි ඔහු එහිදී කියා සිටියේ.

එසේම දුම්රිය නව වාර ප්‍රවේශපත්‍ර මෙන්ම, වාර ප්‍රවේශපත්‍ර නොමැති මගීන් සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද සිට ආරම්භ කෙරෙන අතර, ඒ සදහා මගීන් තමන් සේවය කරන ආයතනයේ හැදුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ.

එමෙන්ම අද සිට කොළඹ, ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බවයි පෞද්ගලික බස්  රථ හිමියන්ගේ සංගම් කිහිපයක් ප්‍රකාශ කළේ.

මේ අතර, දුම්රියෙහි ගමන් කළ හැක්කේ පෞද්ගලික සහ රජයේ ආයතනවල බලධාරීන් නම් කර ඇති පුද්ගලයින්ට පමණක් බැවින් අද පස්වරු හයට පෙර අදාළ ලේඛණ සඳහා තවදුරටත් නම් ඇතුළත් කිරීමට අවස්ථාව පවතින බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.

එමෙන්ම, ලොව පුරා රටවල කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් පසු ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද සිට ලන්ඩන්, ටෝකියෝ, මෙල්බන් සහ හොංකොං රටවලට මගී ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටියේ සංචාරක උපදේශනවලට යටත්ව ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට මෙම ගුවන් පහසුකම් යළි ආරම්භ කළ බවයි.  

එමෙන්ම, විදේශයන්හි අතරමංව සිටින සංචාරකයින්ට අදාළ ලියකියවිලිවල නිවැරදිභාවය සහ නිරෝධායන කාලසීමාවන්ට යටත්ව යළි රටට පැමිණීමට අවසර ලබාදී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top