හිරු CIA අනාවරණයෙන් ගැලවුණු මුහුදු මහා විහාරයේ කම්බි වැට (වීඩියෝ)
Tuesday, 12 May 2020 - 21:16 | Views - 960
හිරු CIA අනාවරණයෙන් අනතුරුව, මුහුදු මහා විහාරය අවට වෙරළ කලාපයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම්වලට එරෙහිව අද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

ඉඩම් ආක්‍රමණය කරන්නන් විසින් බලහත්කාරයෙන් යොදා තිබු කම්බි කණු ගලවා ඉවත් කිරීම ඒ අනුව සිදුකෙරුණා.

නැගෙනහිර පළාතේ පොතුවිල් හි පිහිටා ඇති මුහුදු මහා විහාරය කලක් තිස්සේ අනවසර ඉඩම් අත්පත්කර ගන්නන්ගේ කොල්ලකෑමට ගොදුරු වු බෞද්ධ උරුමය සහිත වටිනා පුරා විද්‍යා බිම් කඩක්.

හිරු CIA හරහා අප අවස්ථා ගණනාවකදී මෙම ඉඩම් කොල්ලය හෙළි කළ අතර, කොවිඩ් 19 උවදුර පාලනය කිරීමට ඇඳිරිනීතිය පනවා තිබු කාලයේ ද අනවසර වැටවල් ඉදිකර මින් මෙහි ඉඩම් ආක්‍රමණය නොකඩවා සිදුවුණා.

CIA අනාවරණයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය ඒ වෙත යොමු වු අතර, පසුගිය 03 වනදා ඒ පිළිබද සොයාබැලීම සදහා අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට උපදෙස් ලබා දී තිබුනා.

අමාත්‍යවරයා සමග අදාල නිරීක්ෂණයට පැමිණි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිරු CIA මගින් සිදු කළ අනාවරණය එහිදී තහවුරු කර ගත්තා.

වෙරළ සංරක්ෂණ නිලධාරීන් දැනුම් දුන්නේ ඉඩම් වෙන් කර ගැනීමට අනවසරයෙන් යොදා තිබු කම්බි කණු ආදිය ගලවා ඉවත් කර ගන්නා ලෙසයි.

එහෙත් ඉඩම් කොල්ලකරුවන් අද වනතුරු අදාළ කම්බි කණු ගලවා ඉවත් කර තිබුණේ නැහැ.

ඒ අනුව, අද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ අදාළ භූමි ප්‍රදේශයේ ඉදිකර තිබු කම්බි කණු ගලවා ඉවත් කරනු ලැබුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top