සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය වෙත ඡායාරූප දැමූ දෙදෙනකුට වැඩ වරදී
Tuesday, 12 May 2020 - 19:06 | Views - 613
සතුන් දඩයම් කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් විසින් සතුන් දඩයම් කර ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පළවූ පුවත් ඔස්සේ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article