ඉන්දියාව පරිත්‍යාග කළ ඖෂධ තොගයක් නිල වශයෙන් භාර දේ
Tuesday, 12 May 2020 - 17:39 | Views - 446
ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන ආ අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් කොළඹ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් විසින් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි වෙත අද සංකේතාත්මකව භාරදෙනු ලැබුවා.
ටොන් 12.5 කින් පමණ සමන්විත මෙම ඖෂධ සහ උපකරණ තොගය පසුගිය 8 වනදා මෙරටට විශේෂ ඉන්දීය ගුවන් යානයකින් රැගෙන ආ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කළේ.
එය භාරදීමෙන් අනතුරුව දේශපාලනය, වෙළඳ, සංචාරක, සෞඛ්‍ය සහ කලාපීය කටයුතු යන ක්‍ෂේත්‍රවල ක්‍රියාත්මක වෙමින් පවතින ද්විපාර්ශවික සහයෝගීතාව සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් වූ කෙටි රැස්වීමක් සඳහා විදේශ අමාත්‍යවරයා සමඟ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එක්ව තිබෙනවා.
Share This Article