සැමියාට 25යි බිරිඳට 20යි, ත්‍රීරෝද රථ හොරකමේ යන ජෝඩුවගේ කෙරුවාව අතේ පත්තු වුණ හැටි
Tuesday, 12 May 2020 - 16:13 | Views - 545
ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ නිරත අඹුසැමි යුවළක් හා ගරාජ්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
 
චැසි අංක හා එන්ජින් අංක වෙනස් කොට තිබූ ත්‍රිරෝද රථ 04ක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.

ඉතා සංවිධානාත්මකව මොවුන් විසින් මෙම ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ නිරතව ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
මහමෝදර මාතෘ රෝහලේ දරු ප්‍රසුතිය සඳහා නතරව සිටින තම බිරිද බැලීම සඳහා ඇයගේ සැමියා ත්‍රිරෝද රථයෙන් ඉකුත් 30 වැනිදා පැමිණ ඇත.
 
ඔහු ත්‍රිරෝද රථය නතරකොට බිරිඳ බැලීමට රෝහලට ගොස් ඇත.
 
පැයකින් පමණ නැවත පැමිණ බලනවිට ත්‍රිරෝද රථය සොරකම් කොට තිබුණි. පසුව මේ පිළිබද ගාල්ල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කටයුතු ආරම්කොට ඇත.
 
පොලිසිය විසින් සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමේ දී පිරිමි අයෙකු හා කාන්තාවක් ත්‍රි රෝද රථය රැගෙන යන අයුරු එහි සටහන්ව තිබී ඇත.
 
සී. සී. ටී.වී දර්ශන ඔස්සේ පොලිසිය මගින් මේ පිළිබද දිගින් දිගටම විමර්ශන කටයුතු ආරම්භ කරණු ලැබීය. ත්‍රිරෝද රථය කුරුන්ද ප්‍රදේශයට ධාවනය කොට ඇති බැව් පරීක්ෂණවලදී පොලිසිය මගින් අනාවරණය කරගෙන තිබේ.
 
පසුව පොලිස් නිලධාරින් විසින් කුරුන්ද ප්‍රදේශයේ ගම්මුන්ට ද මෙම ත්‍රිරෝද රථයේ දර්ශන පෙන්වා ඇත. ටික වෙලාවකට පසු අංක තහඩු වෙනස් කරනු ලැබූ ත්‍රිරෝද රථයක් කුරුන්ද දෙස සිට පැමිණ ඇත. එහි අඹුසැමි යුවළක් සිට තිබේ.
 
ඒ අනුව පොලිසිය විසින් අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබීය. ත්‍රිරෝද රථයේ තිබූු ස්ටිකර් ගලවා එහි අංකය වෙනස් කොට තිබූ බව පොලිසිය පවසයි.
 
ත්‍රිරෝද රථ රසපරික්ෂකවරයා වෙත යොමු කිරිමට නියමිතව ඇත. අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළගෙන් සැමියා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කාන්තාව අක්මීමන ගනේගොඩ ආසිරි උයනේ පදිංචිකාරියකි. මොවුන් 25 හා 20 යන වයස්කාණ්ඩවල පසුවෙති.
 
ගරාජකරුවන් දෙදෙනා නරාවල හා තල්ගස්වල පදිංචිකරුවෝ වෙති.
 
අඹුසැමි යුවළ අධිකරණයට ඉදිරිපත් කළ අතර ගරාජකරුවන් දෙදෙනා ඊයේ(11) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො. ප. දිනේෂ් ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
 
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top