අක්මීමන ගුරුවරියගේ නිවසට කුලියට ආ කාමාතුරයින් දෙදෙනෙක් කරපු අපරාධය
Tuesday, 12 May 2020 - 15:18 | Views - 679
අක්මීමන 55 හැවිරිදි ගුරුවරියකට අතවර කොට රන් ආභරණ හා මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු මීදිගම කළපුව ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා හිටපු සෙබළෙකු වන 30 හැවිරිදි එක් දරු පියෙක්.

ගුරුවරිය ඇගේ නිවසේ කොටසක් කුලියට දෙන බව පවසා දැන්වීමක් පළ කර තිබූ අතර ඒ අනුව මාර්තු නමවැනිදා පැමිණ ඇති සැකකරුවන් තවත් අයකුත් පසුදින එන බව පවසා පිටව ගොස් පසුදා පැමිණ ගේ පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇතුළු වී ගුරුවරිය දූෂණය කර නිවසේ තිබූ මුදල් හා රන්භාණ්ඩද දුරකථන දෙකක්ද කොල්ල කා පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
 
සැකකරුවන් මාරුවෙන් මාරුවට ඇයට අතවර කරමින් පාසලට පෙන්වන බව පවසා වීඩියෝ කර ඇති බවද සඳහන්.
 
එම අවස්ථාවේ ඇය පමණක් නිවසේ සිට ඇති අතර පසුව පොලිසියට ලැබුණූ දුරකථන ඇමතුමක් අනුව පොලිසිය ගොස් ගුරුවරිය රෝහල්ගත කර තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් මෙයට පෙර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
එම සැකකරු සන්තකයේ තිබී කොල්ල කන ලද දේපළවලින් කොටසක් සොයාගෙන ඇති අතර මෙම සැකකරු සන්තකයේ තිබීද ජංගම දුරකථනයක් හා ලැප්ටොප් පරිගණකයක්ද සොයාගෙන තිබෙනවා.
 
සැකකරුවන් ඊයේ දිනයේදී ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවෙකු 24 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා නියෝග කරනු ලැබුවා.
 
මෙසේ බන්ධනාගාරගත කෙරුණේ වැලිගම පොලිස් වසමේ මීදිගම පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙක්.
 
කොල්ල කන ලද රන් ආභරණවලින් මාලයක් සහ මුද්දක් සැකකරු විසින් වැලිගම ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කර තිබියදී සොයාගෙන ඇති අතර අපරාධය සිදුකිරීමට පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top