ඇඳිරි නීතිය ලිහිල් කළ ද ජනතාව ලබාදෙන දායකත්වය සතුටුදායක නැහැ
Tuesday, 12 May 2020 - 14:08 | Views - 1,546
ඇඳිරි නීතිය ලිහිල් කරමින් ආරම්භ කළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ජනතාව ලබා දෙන දායකත්වය සතුටුදායක මට්ටමක නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද (12) උදෑසන එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, ඇදිරි නීතිය පවතින අවස්ථාවේ ආරම්භ කළ රාජ්‍ය ආයතනවල කටයුතු ඉදිරි සති දෙක තුළ නිරීක්ෂණය කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ දැනට ගෙන යන වැඩපිළිවෙල එලෙසම ක්‍රියාත්මක කරන බවයි.

රාජ්‍ය ආයතන හා සේවා ජනතාව වෙත විවෘත කරන්නේ ඉදිරියේදී කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය වී යහපත් තත්ත්වයක් ඇති වුවහොත් පමණක් බව ද ඔහු අවධාරණය කළා.

එමෙන්ම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික බස් රථ හා ත්‍රිරෝද රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වනවිට විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී ආරම්භ වී තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමත් සමඟ පැන නැගුණු ගැටලු, එම ක්ෂේත්‍රවල නිරතවන්නන් මුහුණපා ඇති ගැටලු සහ ඉල්ලීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.

මෙම සාකච්ඡාවට ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන සියලූම සේවක වෘත්තීය සමිති ද එක්ව සිටිනවා.

බස් රථ ධාවනය කිරීමට ඉල්ලා සිටි ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top