අහඹු PCR පරීක්ෂණ තවදුරටත්
Tuesday, 12 May 2020 - 14:05 | Views - 565
රට තුළ සිදුකරන අහඹු පී.සී.ආර් පරීක්ෂණ තවදුරටත් සිදුකරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා.
මේ අතර ඊයේ (11) දිනයේදී නව ආසාදිතයින් හය දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 869 දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පැවසුවේ අලුතින් හඳුනා ගත් ආසාදිතයින් හය දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බවයි.
ඔවුන්ගේ සාම්පල පරීක්ෂණ සිදුකර ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේදීයි.
මීට අමතරව කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 343 දක්වා ඉහළ ගියේ ඊයේ දිනයේදී තවත් රෝගීන් 22 කු සුවය ලබා පිටව යාමත් සමඟයි.
Share This Article