යුරෝපා කොමිසම, ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි
Tuesday, 12 May 2020 - 12:42 | Views - 1,641
යුරෝපා කොමිසම විසින් 2020 මැයි මස 07 වන දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

2017 ඔක්තෝබර් මාසයේ දී මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සහිත රටක් ලෙස 'අළු ලේඛන' ගත කිරීමත් සමඟ 2018 පෙබරවාරි මාසයේදී යුරෝපා කොමිසම විසින් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කළ  බව, මහා බැංකුව පවසනවා.

මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව 'අළු ලේඛන' ගත කිරීම සමඟ හඳුනාගත් උපායමාර්ගික දුර්වලතා මඟ හරවා ගැනීම සඳහා කාල රාමුවකට යටත්වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවද මහා බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්.

ඒ අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් අනෙකුත් පාර්ශවකරුවන් සමඟ ඉහත ක්‍රියාකාරී සැලැස්ම ලබාදුන් නිශ්චිත කාලරාමුව තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2019 ඔක්තෝම්බර් 13 සිට 18 දක්වා පැරීසියේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේදී 'අළු ලේඛනයෙන්' ශ්‍රී ලංකාව ඉවත් කිරීමට කටයුතු කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ප්‍රකාශයට පත් කරන ලද යුරෝපා සංගමයේ ඉහළ අවදානම සහිත තුන්වන පාර්ශවයේ රටවල සංශෝධිත ලැයිස්තුව සහ යුරෝපා කලාපය තුළ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳව වූ ප්‍රතිපත්තිමය විස්තීරණ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියේ දී සම්මත කිරීම සඳහා යුරෝපා කවුන්සිලයට සහ යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

යුරෝපා කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ සම්පූර්ණ ප්‍රකාශය https://ec.europa.eu/commission/presscorner/detail/en/ip_20_800 යන වෙබ් අඩවි යොමුවෙන් ලබාගත හැකි බවද නිවේදනයේ දැක්වෙනවා.

මූල්‍ය කාර්ය සාධක බලකාය සහ යුරෝපා සංගමය විසින් ඉහත කී ලේඛනයන්ගෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමත් සමග පසුගිය දෙවසර තුළ දී එකී ලේඛනගත කිරීම තුළින් ඇති වූ අහිතකර බලපෑම් පහව යන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍ය සාධනීයත්වය තවදුරටත් ධනාත්මක ලෙස ශක්තිමත් වනු ඇතැයි මහා බැංකුව අපේක්ෂා කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top