නිරිතදිග මෝසම සක්‍රිය වුවහොත් ආපදා තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
Tuesday, 12 May 2020 - 11:42 | Views - 1,066
මෙවර නිරිතදිග මෝසම සක්‍රිය වුවහොත් ආපදා තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
එමඟින් පුරෝකථනය කර ඇත්තේ එසේ වුවහොත් ගම්වතුර, නාය යාම් සහ දැඩි සුළං ආදී ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවටයි.
වර්තමානයේ රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වයක් සමඟ නිරිතදිග මෝසම සක්‍රිය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එමෙන්ම, කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් රටේ ඇතිවී තිබෙන තත්ත්වය සමඟ, ජනතාව ඒකරාශී කර දැනුවත් කිරීමට ද නොහැකි වී තිබෙනවා.
මේ නිසා ඒ පිළිබදව අවධානය යොමු කොට කලින් සැලසුම් සකස් කිරීම සුදුසු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
Share This Article