ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 70,000 ඉක්මවයි
Tuesday, 12 May 2020 - 11:36 | Views - 651
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 3604 දෙනෙකු සහ මරණ 87ක් ඉන්දියාවෙන් වාර්තා වුණා.
ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 70,000 ඉක්ම වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 2300කට ආසන්නයි.
කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉන්දියාව එරට පනවා ඇති දැඩි සීමාවන් තුන් වන වරට ද දීර්ඝ කරනු ඇතැයි අපේක්ෂිතයි.
දැනට ක්‍රියාත්මක සීමාවන් අවසන් වීමට නියමිතව ඇත්තේ මැයි 17 වන දායි.
කෙසේ නමුත් රට තුළ ආර්ථික ක්‍රියාකාරකම් මේ වන විට ආරම්භ කරමින් පවතින අතර, ඉන්දීය අගමැතිවරයා ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරුන් සමඟ ඊයේ දිනයේදී ද වීඩියෝ සංවාදයක නිරත වුණා.
Share This Article