මහජන සෞඛ්‍ය හා මෙරට නීතිය සම්බන්ධයෙන් ඓතිහාසික දිනයක්
Tuesday, 12 May 2020 - 11:01 | Views - 1,010
ඇතැම් මානව හිමිකම් ක්‍රියාකාරීන්, විදේශ මුදල් මත යැපෙන ඇතැමුන්, ශ්‍රී ලංකාව ද ඉතාලිය ආදී රටක මෙන් කොරෝනා හේතුවෙන් වැඩි පිරිසක් මියයන රටක් බවට පත්වෙනු දැකීම අපේක්ෂා කළා වියහැකි බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඔහු, මේ බව කියා සිටියේ හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට අද (12) උදෑසන සම්බන්ධ වෙමින්.
නිරෝධායන ඇඳිරි නීතිය නිත්‍යානුකූල නැතැයි කියමින් ඇතැමුන් අධිකරණයට යාම පිළිබඳ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් වන බවයි.
මෙම, සෞඛ්‍ය ප්රශ්නය අවස්ථාවේදී යොදාගත හැක්කේ, නිරෝධායන පනත මිස මහජන ආරක්ෂණ පනත නොවන බව අධිකරණ තීන්දුවෙන් පැහැදිලි වන බවද ඔහු ප්‍රකාශ කළා.
Share This Article