වෛරසය පාලනය කළ බව ලෝකයට කියූ චීනය වැඩ වරද්දා ගනී, වුහාන්වලිනුත් ආසාදිතයින් මතුවෙයි
Tuesday, 12 May 2020 - 10:47 | Views - 2,351
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු රටවල් යළි විවෘත කිරීම අතිශය පරීක්ෂාවෙන් සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ජිනිවා නුවර ඊයේ පැවති අතත්‍ය මාධ්‍ය හමුවේදී එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ග්‍රෙබියේසස් ඇතැම් රටවල ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පාලනය කිරීම පිළිබදව ප්‍රසාදය පළ කළා.
 
වෛරසය පැතිරීමේ වේගය අඩාල කිරීමෙන් ජීවිත බේරා ගැනීමට හැකි වීම සුබදායී පුවතක් ලෙස ඔහු හැදින්වුවා.
 
එහෙත් රටවල් දැඩි සීමාවන් ලිහිල් කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.
 
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට හතලිස් දෙලක්ෂ 53,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව සටහන් වන්නේ දෙලක්ෂ 87,250ක් ලෙසයි.
 
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 13 ලක්ෂ 85,000ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එරට මරණ සංඛ්‍යාව 81,000කට අධිකයි.
 
ඉන් වැඩිම හානියකට ලක්ව ඇති නිව්යෝක් පුරවරයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 26,600ක්.
 
මෙලෙස ඇමරිකාවේ කොරෝනා මරණ සහ ආසාදිතයන් ඉහළ යද්දී, ජනපති ට්‍රම්ප් ඒ පිළිබදව චීනය වෙත නැවතත් දෝෂාරෝපණය එල්ල කරනවා.
 
මේ අතර, කොරෝනා මරණ 2009ක් පමණක් වාර්තා වුවද රුසියාවේ ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ 23,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය හැරුණු කොට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන්.
 
කෙසේ නමුත් වෛරසය හේතුවෙන් වසා දමා තිබූ රට අද සිට යළි විවෘත කිරීම ආරම්භ කරන බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කළා.
 
මේ අතර, කොවිඩ් 19 වෛරසයට සාර්ථකව මුහුණ දුන් චීනය සහ දකුණු කොරියාවට කොවිඩ් 19 දෙවන රැල්ලකට මුහුණදීමේ අවදානමක් මතුව තිබෙනවා.
 
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය ඇරඹී චීනයෙන් නව ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟයි මෙම අවදානම මතුව ඇත්තේ.
 
ඉන් 5 දෙනෙකුම හමුව ඇත්තේ වෛරසයේ තිඹිරිගෙය වූ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන්.
 
වූහාන් නගරයෙන් මාසයකට පසු මෙලෙස කොවිඩ් ආසාදිතයෙකු හමුවී ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව චීන මාධ්‍ය වාර්තා කළා.
 
කෙසේ වෙතත්, ජන ජීවිතය සාමාන්‍යකරණයට ලක්ව ඇති චීනයේ ෂැංහයි නුවර ඩිස්නි උද්‍යානය දින 107කට පසු විවෘත කිරීමත් සමඟ ජනතාවගෙන් පිරී පැවතුනා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top