රාජකාරීවලට පැමිණ කටයුතු කිරීමේදී සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද පිළිපදින්න
Tuesday, 12 May 2020 - 10:27 | Views - 616
ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ජනතාව සිය රාජකාරීවලට පැමිණ කටයුතු කිරීමේදී සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිපැදිය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 869 දක්වා ඉහළ ගියා.
අලුතින් හඳුනා ගත් ආසාදිතයින් 06දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කළේ.
මීට අමතරව කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 343 දක්වා ඉහළ ගියේ ඊයේ (11) දිනයේදී තවත් රෝගීන් 22 ක් සුවය ලබා පිටව යාමත් සමඟයි.
Share This Article