ඉන්දියාවේ සිර වී සිටින ශ්රී ලාංකිකයින් 305ක් රැගෙන ඒමට ගුවන් යානයක් නික්මෙයි
Tuesday, 12 May 2020 - 10:10 | Views - 629
කොරෝනා වෛරසය හේතුවෙන් ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ සිර වී සිටින තවත් ශ්රී ලාංකිකයින් 305 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) උදෑසන චෙන්නායි බලා පිටත්ව ගියා.
යූ.එල්. 1121 දරණ එම ගුවන් යානය චෙන්නායි බලා නික්මුණේ ගුවන් මගීන් නොමැතිව කාර්ය මණ්ඩලය පමණක් සහිතවයි.
එම ගුවන් යානය ශ්රී ලාංකික පිරිස රැගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිත බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article