චීන සම්භවයක් ඇති මාධ්‍යවේදිය ඇසූ ප්‍රශ්නයක් නිසා කෝපයට පත් වූ ට්‍රම්ප් කළ දේ - Video & Photos
Tuesday, 12 May 2020 - 9:32 | Views - 1,143
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් අතුරින්, වැඩිම බලපෑම එල්ලව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි.

එවන් විනාශකාරී තත්ත්වයක් තුළත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට චෝදනා නඟමින් හාස්‍යජනක ප්‍රකාශ සිදු කරමින් සිටිනවා.
 
ලෝක බලවතාගේ මේ හැසිරීම බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වූවා සේම ඔහුට සමීප බුද්ධි අංශ පවා කියා සිටියේ චීනය වෛරසයට සම්බන්ධ යැයි පැවසීමට තමන් සතුව සාක්ෂි හෝ නොමැති බවයි.
 
"චීන වෛරසය" ලෙසින් කොරෝනා වෛරසය මාධ්‍ය ඉදිරියේ හඳුන්වා දීම නිසා මීට පෙරද ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදිනියක් හා උණුසුම් වචන හුවමාරුවක් ඇති කරගත්තා.
 
කෙසේ වෙතත් ඩේලිමේල් වෙබ් අඩවිය අද අළුයම සිය වෙබ් පිටුවේ සඳහන් කර ඇත්තේ, ලෝක බලවතා තව වතාවක් මාධ්‍යවේදිනියන් දෙදෙනෙකු සමඟ ගැටුමකට මුල පිරූ බවයි.
 
CBS ප්‍රවෘත්ති සේවයේ වීජියා ජියෑන්ග් (Weijia Jiang) සහ CNN නාලිකාවේ කයිට්ලාන් කොලින්ස් (Kaitlan Collins) නම් මාධ්‍යවේදිනියන් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ වාදයක පැටලී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
ආසියානු සම්භවයක් සහිත ඇමරිකානු මාධ්‍යවේදිනියක් වන වීජියා ජියෑන්ග්, ඇමරිකාවේ වත්මන් තත්ත්වය හා දිනෙන් දින වැඩිවන කොරෝනා මරණ අනුපාතය ගැන ජනපති ට්‍රම්ප්ගෙන් විමසූ අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබෙනවා.
 
එහිදී කෝපයක ස්වරූපයක් පෙන්නුම් කරන ලෝක බලවතා, "ඒ ප්‍රශ්නයට උත්තරේ ඔයා චීනෙන්ම අහගන්න" යනුවෙන් පිළිතුරු දෙනවා.
 
මෙම මාධ්‍යවේදිනිය විමසා ඇත්තේ, "සෑම දිනකම ඇමරිකානුවන්ගේ ජීවිත අහිමි වෙමින් පවතිනවා. අපිට නිතරම අහන්න ලැබෙන්නේ මරණ ගැන පමණයි..." යනුවෙනුයි.
 
"මගෙන් ඕවට උත්තර අහන්න එපා. ඒවා ගිහින් චීනෙන් අහගන්න.." ට්‍රම්ප් සිය පිළිතුර ලබාදී කොලින්ස් හමුවේ ඇගේ ප්‍රශ්නය කුමක්දැයි විමසා තිබෙනවා.
 
මේ මොහොතේ මෙම උණුසුම් තත්ත්වය ඇතිවීමට හේතුව, වීජියා ජියෑන්ග් ආසියානු සම්භවයක් සහිත තැනැත්තියක් වීම වන්නට ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
 
ඇය තම ප්‍රශ්නාවලිය තුළ ද චීනය ගැන සඳහන් කිරීමක් හෝ නොකළ අතර ජනාධිපති ට්‍රම්ප් එසේ හැසිරීම සියලු දෙනාගේ විමතියට හේතු වුණා.
 
ඉන් අනතුරුව ප්‍රශ්න විමසීමට අවස්ථාව හිමි වුයේ කොලින්ස්ටයි. එහෙත් එම අවස්ථාවෙත් තම සහෝදර මාධ්‍යවේදිනියගේ කටයුතු නිමා කිරීමට ඉඩ දුන්නා යැයි ඇය පැවසීම නිසා ට්‍රම්ප් කෝපයට පත්ව මාධ්‍ය හමුව නවතා තිබෙනවා.
 
ලෝකයේම අවධානය ක්ෂණයකින් යොමු වූ මෙම කතා ප්‍රවෘත්තියේ කතා නායිකාව වූ ජියැන්ග්, චීනයේ උපත ලැබූ තැනැත්තියක්. ඇය දෙහැවිරිදි වියේ පසුවෙද්දි බටහිර වර්ජිනයාවට දෙමව්පියන් සමඟ සංක්‍රමණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
 
වැදගත්ම දේ නම්, ඇය මේ අයුරින් ලෝක බලවතා සමඟ වාදයක පැටලුණු පළමු වතාව මෙය නොවීමයි. මීට පෙර ද ඇය ඔහු සමඟ උණුසුම් වචන හුවමාරුවක නියැලී ඇති බව වාර්තා වනවා.
 
Dailymail ඇසුරිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top