කොවිඩ් 19 නිසා වසා දැමූ රටවල් විවෘත කරන්නේ පරිස්සමින්
Tuesday, 12 May 2020 - 9:08 | Views - 703

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු රටවල් යළි විවෘත කිරීම අතිශය පරීක්ෂාවෙන් සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ජිනිවා නුවර ඊයේ පැවති අතත්‍ය මාධ්‍ය හමුවේදී එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ග්‍රෙබියේසස් ඇතැම් රටවල ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පාලනය කිරීම පිළිබදව ප්‍රසාදය පළ කළා.
වෛරසය පැතිරීමේ වේගය අඩාල කිරීමෙන් ජීවිත බේරා ගැනීමට හැකි වීම සුබදායී පුවතක් ලෙස ඔහු හැදින්වුවා.
එහෙත් රටවල් දැඩි සීමාවන් ලිහිල් කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට හතලිස් දෙලක්ෂ 53,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව සටහන් වන්නේ දෙලක්ෂ 87,250ක් ලෙසයි.
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 13 ලක්ෂ 85,000ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එරට මරණ සංඛ්‍යාව 81,000කට අධිකයි.
ඉන් වැඩිම හානියකට ලක්ව ඇති නිව්යෝක් පුරවරයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 26,600ක්.
මෙලෙස ඇමරිකාවේ කොරෝනා මරණ සහ ආසාදිතයන් ඉහළ යද්දී, ජනපති ට්‍රම්ප් ඒ පිළිබදව චීනය වෙත නැවතත් දෝෂාරෝපණය එල්ල කරනවා.
ධවල මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ආසියානු සම්භවයක් සහිත මාධ්‍යවේදිනියක් ජනපති ට්‍රම්ප්ගෙන් විමසා සිටියේ පරීක්ෂා කිරීමේ සාර්ථක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළ ද එරට කොරෝනා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන්නේ මන්ද යන්නයි.
එය තමා වෙත නොව චීනය වෙත යොමු කළ යුතු ප්‍රශ්නයක් බව පැවසූ ජනපති ට්‍රම්ප් දැඩි උදහසකින් මාධ්‍ය හමුවෙන් නික්ම ගියා.
මේ අතර, කොරෝනා මරණ 2009ක් පමණක් වාර්තා වුවද රුසියාවේ ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ 23,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය හැරුණු කොට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන්.
කෙසේ නමුත් වෛරසය හේතුවෙන් වසා දමා තිබූ රට අද සිට යළි විවෘත කිරීම ආරම්භ කරන බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කළා.
Share This Article