කොරෝනා එංගලන්තය වසා ගනිද්දී, එලිසබත් මහරැජිණ විශේෂ තීරණයක් ගනී
Tuesday, 12 May 2020 - 9:05 | Views - 498

කොරෝනා වයිරසය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහරැජිණ මාස කිහිපයක් ස්වයං නිරෝධායනයේ පසුවන බවත් ඇය නැවත ඉදිරිපෙළේ රාජකීය කටයුුතුවලට සහභාගි නොවනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට 94 වන වියේ පසුවන ඇය සිය සැමියා වන පිලිප් කුමරු සමග වින්ඩ්සර් මාළිගයේ නැවතී සිටිනවා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අදියර 3 ක් යටතේ රටේ කටයුතු සාමන්‍ය තත්ත්වයට ගෙන ඒමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රාජකීය චරිතාපදාන කර්තෘ ඇන්ඩෘ මෝටන් ද සන් පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එළඹෙන සරත් සෘතුව තෙක් රැජිණගේ සාමාන්‍ය වැඩ කටයුතු යළි ක්‍රියාත්මක නොවනු ඇති බවත් රූපවාහිනී හෝ වීඩියෝ සන්නිවේදන ක්‍රම ඔස්සේ ඇය දැකගත හැකිවනු ඇති බවයි.
එය කණගාටුදායක තත්ත්වයක් වුවත් සිය සාමාන්‍ය කටයුතු රැජිණ යළි ආරම්භ කරන්නේ කරන ආකාරය පිළිබඳ තමාට නොවැටහෙන බව ඔහු සඳහන් කරනවා.
කොවිඩ් 19 වයිරසය තවත් මාස කිහිපයක් අප අතර පවතිනු ඇතැයි ඔහු පවසනවා.
එම තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පිළිවෙත අනුව රැජිණට ප්‍රසිද්ධ වැඩවල නියැලීම සඳහා අවදානමක් උද්ගතවී ඇතැයි ඔහු පෙන්වා දෙනවා.
මේ අතර එරට ද සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ ගිම්හාන සෘතුවේදී බකින්හැම් මාලිගය වසා දමනු ඇති බවයි.
එවැන්නක් සිදුවන්නේ වසර 27 කට පසුව බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනවා.
උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත
Share This Article