වෛරසය යළි පැතිරීම වැළැක්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලූ දේ
Tuesday, 12 May 2020 - 8:21 | Views - 534
කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් අඩපණ වූ රට යළි යථා තත්ත්වයට පත් කෙරුණු ද, ජනතාව හැකි උපරිම අන්දමින් වෛරසය යළි පැතිර යාම වළක්වාලමින් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවධාරණය කරනවා.
නැතහොත් නැවතත් රට තුළ කොරෝනා වෛරසය පැතිර යා හැකි බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවන්නේ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල සේවා කටයුතු ද ඊයේ (11) සිට යළි යථා තත්ත්වයට පත්කෙරුණා.
කෙසේ වෙතත්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ක්‍රියාකාරීත්වය යම් පමණකින් ආරම්භ කිරීමත් සමඟ එහි සේවකයින් එක්රොක්වී ආහාර ගැනීම අවදානම්සහගත බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.
Share This Article