බස්, දුම්රිය, ත්‍රිරෝද ඇතුළු, ප්‍රවාහන ක්ෂේත්රයේ සියළු අංශ අද රැස්වේ
Tuesday, 12 May 2020 - 8:11 | Views - 825
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික බස් රථ හා ත්‍රිරෝද රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්රයට අදාළ විශේෂ සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (12) පැවැත්වීමට නියමිතයි.
රට යළි යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ඊයේ (11) දිනයේ සිට ආරම්භ කිරීමත් සමඟ දුම්රිය සහ ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ධාවනය වීම සිදුකෙරුණත් එය තවදුරටත් විධිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙනුයි මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ.
අද සාකච්ඡාවට ප්‍රවාහන ක්ෂේත්රය නියෝජනය කරන සියළුම සේවක වෘත්තීය සංගම් ද සහභාගි වනවා.
මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරෝධායන රීතීන්ට අනුකූලව අද දිනයේදී ද දුම්රිය 10ක් ස්ථාන කිහිපයකින් කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බවයි.
Share This Article