සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු නිර්දේශවලට අනුකූලව අධ්‍යාපන අමාත්‍යාංශ‍ය කාර්යාල සේවා අරඹයි
Monday, 11 May 2020 - 15:29 | Views - 648
රට තුළ මතු වූ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 16 වැනිදා සිට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා මෙන්ම පෞද්ගලික අංශයේ බොහෝ ආයතන ද තාවකාලිකව වසා දමා තිබූ අතර, ගෙවි ගිය කාලය තුළ බොහෝ රජයේ නිලධාරීන් නිවෙස් ගතව රාජකාරි කටයුතුකළා.

අද සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත, වෛරස ව්‍යාප්තිය පාලනයට අනුගත වන අයුරින් රජයේ අමාත්‍යංශවල නිලධාරීන්ට ආයතන ප්‍රධානීන්ගේ පූර්ව දැනුම් දීම් අනුව සේවය සඳහා වාර්තා කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් පරිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය මත ප්‍රමුඛ සේවා අවශ්‍යතා සහිත බවට කැඳවීම් කරන ලද සියලු නිලධාරීන් අද දින (11) සේවයට වාර්තා කළා.

රජයේ සේවකයින් නැවත සේවයට කැඳවීමේදී අමාත්‍යාංශ විසින් අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී තිබූ උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් සහ උපකරණද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදනය කර තිබුනා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top