මෙක්සිකෝවේ Jalisco ප්‍රාන්තයෙන් සමූහ මිනී වලක් සොයාගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
එහි තිබි මළ සිරුරු 25ක් ගොඩගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
ඊට අමතරව ශරීර කොටස් සහිත බහලුම් 5ක් ද සොයාගෙන ඇති බව ද සදහන්.
මෙම ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය ජාවාරම් බහුලව සිදු වන ස්ථානයක් බවයි ඇමෙරිකානු විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
පසුගිය වසර කිහිප තුළ එම ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් බොහෝමයක් ද සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන සෞඛ්‍ය අවදානම ද නොතකා එරට ආරක්ෂක අංශ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සෙවීම් කටයුතු ආරම්භ කර ඇති බව ද සදහන්.
Jalisco ප්‍රාන්තයේ Guadalajara නගරයේ මෙම වසරේදී පමණක් මෙලෙස සමූහ මිනී වලවල් 10ක් සොයාගෙන තිබෙනවා.
එහි තිබි සොයාගෙන ඇති මුළු මළසිරුරු සංඛ්‍යාව 115ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.

