කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු ගැන නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක්
Monday, 11 May 2020 - 15:09 | Views - 706
කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කළ, අති විශේෂ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

කැස්බෑව ප්‍රදේශයේ පදිංචි සමාජ ක්‍රියාකරුවෙකු විසිනුයි මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපතිවරයා ඇතුළු තවත් කිහිප දෙනෙකු නම් කර තිබෙනවා.

එමගින් පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදව දැක්වෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ඉකුත් අප්‍රේල් මස 11 වන දා ප්‍රකාශයට පත් කළ බවයි.

නිරෝධායන පනතේ දෙවන හා තුන් වන වගන්ති යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් කොරොනා ආසාදනයෙන් මිය යන පුද්ගලයෙකු ආදාහනය කළ යුතු බවට නියමයක් පනවා තිබීම හේතුවෙන්  එවැනි මරණයක් භූමදාන කිරීමට ඇති අවස්ථාව අහුරා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර තිබෙන නිර්ණායකයන්ට අනුව වුවද කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයින් භූමදාන කළ හැකි බවට ප්‍රකාශ කර තිබියදීත් රජය විසින් නිකුත් කර තිබෙන මෙම ගැසට් නිවේදනය නිවැරදි නොවන බව ඔහු සිය පෙත්සමෙන් අවධාරණය කළා.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, පෙත්සම් විභාගය අවසන් කොට තීන්දුවක් ලබාදෙන තුරු අදාළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top