සේවා ස්ථානවල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට මාර්ගෝපදේශන මාලාවක්
Monday, 11 May 2020 - 13:54 | Views - 821
සේවා ස්ථානවල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වාදී තිබෙනවා.
ඒ, කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීමට තවදුරටත් ගතයුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද රැස්වූ විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව විසින්.
මේ අනුව රෝගය සම්ප්‍රේෂණය විය හැකි ක්‍රම, සාමාන්‍ය හා විශේෂිත මාර්ගෝපදේශනය මෙන්ම තාවකාලිකව තහනම් කළ අංශ ගතයුතු උපදෙස් හා ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මකව එම මාර්ගෝපදේශන මාලාවේ කරුණු ඇතුලත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.
මෙම කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිලධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු 35 දෙනෙකු නියෝජනය කරන අතර, දින දෙකකට වරක් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වනවා.
කොරෝනා ප්‍රතිකාර සේවාවලට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල හිඟයකින් තොරව පවතින බවද මෙම සමාලෝචන කමිටුවේදී අනාවරණ ඇතැයි සඳහන්.
Share This Article