සේවා ස්ථානවල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට මාර්ගෝපදේශන මාලාවක්
Monday, 11 May 2020 - 13:54 | Views - 822
සේවා ස්ථානවල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීමට තවදුරටත් ගතයුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද රැස්වූ විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව විසින්.

මේ අනුව රෝගය සම්ප්‍රේෂණය විය හැකි ක්‍රම, සාමාන්‍ය හා විශේෂිත මාර්ගෝපදේශනය මෙන්ම තාවකාලිකව තහනම් කළ අංශ ගතයුතු උපදෙස් හා ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මකව එම මාර්ගෝපදේශන මාලාවේ කරුණු ඇතුලත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙම කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිලධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු 35 දෙනෙකු නියෝජනය කරන අතර, දින දෙකකට වරක් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වනවා.

කොරෝනා ප්‍රතිකාර සේවාවලට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල හිඟයකින් තොරව පවතින බවද මෙම සමාලෝචන කමිටුවේදී අනාවරණ ඇතැයි සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top