කොරෝනා වැඩි අවදානම පුරුෂයින්ට බවට අනාවරණයක්
Monday, 11 May 2020 - 13:29 | Views - 759
කොරෝනා වෛරසය පිරිමි පුද්ගලයන්ට වැළඳීමේ ඉහළ අවදානමක් පවතින බව යුරෝපා අධ්‍යයන කණ්ඩායමක් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එහි දැක්වෙන්නේ පිරිමි පුද්ගලයන්ගේ රුධිරයේ අඩංගු ඒ.සී.ඊ. 2 එන්සයිම මට්ටම ඉහළ බැවින් කාන්තාවන්ට වඩා ඔවුන්ට කොරෝනා ආසාදනය වීමේ ඉහළ අවදානමක් පවතින බවයි.

ඒ.සී.ඊ. 2 එන්සයිමය හෘදය වස්තුව, වකුගඩු සහ අනෙකුත් අවයව ආශ්‍රිතව පවතින අතර, කොරෝනා වෛරසය පෙණහළු තුළ වර්ධනය වීමට අදාළ එන්සයිමය ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකරනු ලබන බව සඳහන්.

මේ අතර කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමට ලක් වූ චීනයේ ෂැංහයි - ඩිස්නිලන්තය මාස තුනහමාරකට පසු අද යළි විවෘත කර තිබෙනවා.

ඩිස්නිලන්ත පාලනාධිකාරිය ප්‍රකාශ කළේ මෙම වසරේ පළමු මාස තුන තුළ සියයට 91 කින් සමාගමේ ආදායම අඩුවී ඇති බවයි. එමෙන්ම ඉදිරි කාර්තුව තුළ ඩොලර් බිලියන 1.4 ක පාඩුවක් විඳීමට සිදුවන බවද ඔවුන් ප්‍රකාශ කළා.

ප්‍රංශය තුළ පනවා තිබූ සීමාකිරීම් සහ වසා දැමීම් ලිහිල් කිරීමත් සමඟ ප්‍රංශ ජනතාවට අද පළමුවරට අවසර පත්‍රවලින් තොරව නිදහසේ එළිමහනේ ඇවිද යාමට අවස්ථාව හිමිව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ස්පාඤ්ඤයේ බාසිලෝනා සහ මැඞ්රිඞ් අගනුවර ජනතාවට ද අද අවන්හල් සහ තැබෑරුම්වලට යාමට අවස්ථාව හිමිවුණා.

ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්ට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසු ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ උප ජනාධිපතිවරයාට එම වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකළ පරීක්ෂාවේදී තහවුරු වී තිබෙනවා.

ඒ, අනුව ඔහු ස්වයං නිරෝධායනය අවසන් කර ධවල මන්දිරයට අද දිනයේදී පැමිණීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ඉන්දියාවේ මගි දුම්රිය සේවා හෙට සිට යළි ධාවනය ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව ආරම්භක අදියර යටතේ දුම්රිය ගමන් වාර 15ක් සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා.

මාසයකට අධික කාලයක් ඉන්දියාවේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබූ අතර, දිනකට ඉන්දියාවේ දුම්රිය ගමන් වාර 13,000ක් සිදු කෙරෙන අතර, මිලියන 23 කට ආසන්න පිරිසකට ඉන් ප්‍රවාහන පහසුකම් සැපයෙන බව සඳහන්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top