ලංගම බස් ධාවනය ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි
Monday, 11 May 2020 - 13:14 | Views - 683

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් අද රාජකාරි සඳහා කැඳවූවද බොහෝ ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි නොතිබූ බවට චෝදනා එල්ලවුණා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ පිටත ප්‍රදේශවල සිට කොළඹට පැමිණීම සඳහා අද උදෑසන කාර්යාල සේවා ප්‍රමාණවත් නොවුණු බවට මගීන් එලෙස චෝදනා කළ බවයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් අප මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ ලංගම බස් රථ යොදවා කාර්යාලීය ප්‍රවාහනය සිදුකිරීම යම් සාර්ථකත්වයක් තිබුණද ඇතැම් ස්ථානවල ගැටලු මතුවූ බවයි.
රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පැමිණීමේ අඩුවක් තිබීම ඊට හේතුව බවද ඔහු කියා සිටියා.
එමෙන්ම අද උදෑසන කාර්යාලීය ප්‍රවාහනය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර විසින් සියලු ඩිපෝවලින් වාර්තාවක් ද කැඳවා තිබෙනවා.
පසුගිය සතිය වනවිට පෞද්ගලික බස් හිමි සංගම් සඳහන් කළේ ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් තමන් බස් රථ ධාවනය කිරීමට සූදානම් බවයි. කෙසේ වෙතත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූයේ නැහැ.
මෙවැනි පසුබිමක් යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් හෙට දිනයේ යළි පෞද්ගලික බස් සංගම් සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.
දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා ඉල්ලුම් කර තිබූ පිරිසෙන් හරි අඩකට ආසන්න පිරිසක් එම පහසුකම අද උදෑසන ලබාගෙන නොතිබූ බව වාර්තාවනවා.
දුම්රිය ස්ථාන වෙත පැමිණීමට මතුව ඇති දුෂ්කරතා ඒ සඳහා ප්‍රධානතම හේතුව වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රිය ගමන් ආරම්භ කරන විට එහි සිටියේ එක් මගියෙකු පමණක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මගීන්ට දුම්රිය ස්ථාන වෙත පැමිණීමට මතුව ඇති දුෂ්කරතාව සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රවාහන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ අප කළ විමසීමකදී සඳහන් කළා.
කෙසේ වෙතත් සමස්තයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය තුළ රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවයට වාර්තා කිරීම ප්‍රශස්ත මට්ටමක පවතින බව වාර්තාවනවා.
එමෙන්ම රජයේ ආයතනවලින් සේවා ලබාගැනීමට පැමිණිනෙන ජනතාවගේ කැපී පෙනෙන අඩුවක් පෙන්නුම් කරන අතර, කොළඹ වෙළඳසැල්වලට පැමිණෙන පාරිභෝගික ජනතාවගේද අඩුවක් පෙන්නුම් කරන බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න කියා සිටියේ.
Share This Article