කොළඹ කොටස් වෙළඳපොළ විවෘත වූ වහාම වැසේ
Monday, 11 May 2020 - 11:54 | Views - 1,822
මාස එකහමාරකට පසු අද (11) ගනුදෙනු ආරම්භ කළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කටයුතු අත්හිටුවා තිබෙනවා.
ඒ මිල දර්ශකවල සීඝ්‍ර පහත වැටීම හේතුවෙන්.
මෙහිදී S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11%ක කඩා වැටීමක්.
කොරෝනා වසංගත තත්ත්වය මත පැනවුණු ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය මාර්තු 20 වනදා සිට අත්හිටවනු ලැබූ කොළඹ කොටස් වෙළඳපොළ මාස එකහමාරකට පසු ආරම්භ කෙරුනේ අද (11) පෙරවරුවේයි.
Share This Article