ප්‍රදේශවලට කිහිපයකට හෙට උදෑසන 8 සිට පැය 10ක ජල කප්පාදුවක්
Monday, 11 May 2020 - 10:21 | Views - 1,416
කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු අටේ සිට පස්වරු 6යි 30 දක්වා පැය දහයමාරක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව සහ කළුතර උතුර - දකුණ, සහ කටුකුරුන්ද - නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර - මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්රදේශවලටද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
Share This Article